
ලෝකයේ සෑම රටක්ම පාහේ තමන් සතු දැනුම,අධ්‍යාපනය, තාක්ෂණය, ශිල්ප ක්‍රම, සංස්කෘතිය, ආර්ථිකය ආදි සියලුම දෑ ලෝකය සමඟ නිරාවරණය කරගැනීම අන්තර්ජාලය ඔස්සේ සිදු විය. නූතනය වන විට ලොව සංවර්ධිත රටවල් බොහෝමයක් සාම්ප්‍රධායික ඉගනුම් ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් නවීන ඉගනුම් ක්‍රියාවලීන්ට අනුගත වී ඇත. ලොව දියුණු රටවල් පිළිබඳව විමසා බලන කළ එම රටවල් සංවර්ධනය කරා ගෙනයාමට නවීන අධ්‍යාපනික ක්රමෝපායන් මහෝපකාරී වී ඇති බව පෙනෙයි.
අපි ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්රය නවමු මාවතක් කරා රැගෙනයාමට පෙරමං තනන්නෙමු.
එමෙන් ම ශ්‍රී ලංකාව නූතය වන විටත් සංවර්ධනය වෙමින් පවතින රටක් වීමට සහතිකටයකට විභහගයකට පමණක් සීමා වූ ප්‍රායෝගික නොවන සාම්ප්‍රධායික හා නොදියුණු අධ්‍යාපණික ක්‍රමවෙදයන් හේතු වී ඇති බව අපට වැටහෙයි. නමුත් අධ්‍යාපනය යනු කිසිදු වයස් භේදයකින් තොරව, සෑම අයෙකුම ලැබිය හැකි දෙයක් විනා විභහගක් ඉහළින් සමත්වීම උදෙසා පමණක් නොවන බව අපි තරයේ විශ්වාස කරන්නෙමු. එම විශ්වාසය යතාර්ථයක් බවට පත් කරමින් Pensala.com අපි ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්රය නවමු මාවතක් කරා රැගෙනයාමට පෙරමං තනන්නෙමු.
What is pensala.com?
දැනුම බෙදා හැරීම පදනම් කරගත් අන්තර්ජාල යෙදවුමකි. ඕනෑම අයකුට අවශ්‍ය දැනුම පහසුවෙන් සොයා ගැනීමටත්, තමන් සතු දැනුම නොමිලේ හෝ මුදල් පදනම මත බෙදා හදා ගැනීමටත් සකස් කළ වේදිකාවකි.
පූර්ව ළමාවියේ පටන් උපාධි මට්ටම දක්වා ඕනෑම අධ්‍යාපනික මට්ටමක අයකුට හා විවිධ වෘත්තීන්හි නියැලෙන වෘත්තිකයන්ට තමාට අවශ්‍ය කරන දැනුම උපරිම කාර්යෂමව හා ඵලදායී ලෙස ලබාගැනීම සඳහා නිර්මාණය කළ දැනුම් කේන්ද්‍රස්ථානයකි.
තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඕනෑම අයකුට තමාට අවශ්‍ය අධ්යපනකටයුතු කරගෙන යාම සඳහා සෑම විශයකටම අදාලව ගුරුවරුන්ගෙන්, පාඨමාලා වලින්, පංති වලින් සැදුම්ලත් පාසලකි.
How does pensala.com works?
pensala.com භාවිතා කරන්නන්ගේ අරමුණ අනුව ප්‍රධාන පරිශීලකයන් වර්ග දෙකකි.
01. දැනුම බෙදාහරින්නන් (ගුරුවරුන්)
02. දැනුම ලබාගන්නන් ( ශිෂ්‍යයන්)
අපගේ ප්‍රධාන අරමුණ වනුයේ උපරිම කාර්යෂමව හා ඵලදායී ලෙස දැනුම ව්‍යාප්ත කිරීමේ කේන්ද්‍රස්ථානය බවට pensala.com පත් කිරීමයි. මෙම අරමුණ ඉටුකර ගැනීම සදහා ගුරුවරුන් සහ ශිෂ්‍යන් අතර ඇති දුරස්තබවය අඩුකිරීම අපගේ ප්රමුඛ කාර්යක් වේ. මෙසේ දුරස්තභාවය ඇති කරන ප්‍රධාන සාදක ලෙස,
01 කාලය -:
කාර්යබහුල ජිවන රටාවත් සමග ගුරුවරයාට මෙන්ම ශිෂ්‍යන්ටද අධ්‍යාපනය සදහා වෙන්කිරීමට ඇති කාලය අඩු වීම.
02 භූගෝලීය දුර -:
ගුරුවරයා සහ ශිෂ්‍යා මුණගැසීම සදහා භූගෝලීය වශයෙන් විශාල දුරක් ගමන්කිරීමට සිදුවීම.
03 පිරිවැය -:
ඉහළ යන ජිවන වියදමත් සමග ගුරුවරයා විසින් කැපකරන කාලයට හා අනෙකුත් වියදම් සමහ ඉගැන්වීමට ඉහළ මුදලක් අයකිරීමට සිදුවීම.


ඉහත සදහන් කල මුලික බාධාවන් මගහරිමින් උපරිම කාර්යෂමව හා ඵලදායී ලෙස දැනුම ව්‍යාප්ත කිරීම සදහා ප්‍රධාන අකර 04 ක් අපි ගොඩනගා තිබේ. එයින් එකක් හෝ කිහිපයක් භාවිතා කරමින් අවශ්‍ය දැනුම ලබාගැනීමටත්, බෙදාහැරීමටත් දැන් ඔබට හැකියාව ලැබේ.
-
පටිගත කරන ලද පාඨමාලාවන් ඔස්සේ සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමට සැලැස්වීම.
( මෙම ක්‍රමවේදය ගුරුවරයාට මෙන්ම ශිෂ්‍යන්ටත් ඉතාමත් පහසු හා ඵලදායී ක්රමයකි. මෙහිදී සිදුවන්නේ ගුරුවරයා විසින් නිර්මාණශීලි ආකාරයෙන් සකස්කරන ලද video, audio සහ learning materials pensala.com හි පාඨමාලාවක් ආකාරයට සකස්කර තිබීමයි. මෙමගින් ශිෂ්‍යන්ට ඕනෑම මොහොතක මෙම පාඨමාලා අධ්‍යනය කිරීමට හැකියාව පවතී. එමෙන්ම මඟහැරුණු, මතක නැතිවූ, සංකීරණ විෂය කරුණු නැවත නැවත අධ්‍යනය කිරිම ඉතා පහසු වීම නිසා මෙය ඉතාමත් ඵලදායී
ක්‍රමවේදයක් වේ. )
![]() unnamed (1) |
---|
![]() 12 |
![]() iStock-1150384596-2 |
![]() sonline940 |
![]() headline_coronavirus_interest_online_learning_002 |
![]() EducationLaptop01 |
![]() e-learning-challenges-posed-by-the-coronavirus-pandemic-and-how-to-overcome-them-291948034 |
![]() free-online-education |
![]() Advantages-and-Disadvantages...-Image-1024x680 |
![]() advantage online learning |
![]() 02 IELTS Listening Strategy and Tactics (General and Academic Application) |
![]() digital-book-online-education-blank-260nw-1896594091 |
![]() EducationLaptop01 |
02. online ඔස්සේ ඉගැන්වීම. මෙම සේවාව ගුණාත්මකව සැපයීම සදහා pensala.com හා Zoom ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ.
( මෙය ක්‍රම දෙකක් ඔස්සේ සිදුවේ
*. ගුරුවරයන් විසින් පන්ති පවත්වන දිනයන් හා වේලාවන් pensala.com හි Private Sessions වල list කිරීමයි. මෙහිදී ශිෂ්‍යන්ට අවශ්‍ය විෂය ක්ෂේත්රය සදහා කැමති ගුරුවරයෙක් තෝරාගෙන පන්ති පවත්වන වේලාවන්හිදී ඒ හා සම්බන්ධ වීමට හැකියාව ලැබේ.
* ගුරුවරයන් විසින් class පැවැත්විය හැකියි යන්න pensala.com හි Private Sessions වල list කිරීමයි. මෙහිදී ශිෂ්‍යන්ට පහසු වෙලාවක් සදහා ගුරුවරයාව වෙන්කරගැනීමේ පහසුකමලැබේ. )
03. Pensala.com හි group එකක් Create කරගෙන සිසුන් සම්බන්ධ කරගැනීම.
( මෙම ක්‍රමවේදය මගින් ශිෂ්‍යන් පාඩම් කරන අවස්ථාවේදී ඇතිවන ගැටළු නිරාකරණය කරගැනීමට ඉතාමත් යෝග්‍ය ක්රමවේදයකි. මිට අමතරව කණ්ඩායම් ක්‍රියාකාරකම් කිරීම සදහාත් මෙය උපකාරී කරගත හැකිය. )
04. සිසුන්ට නිවසට ගොස් ඉගැන්වීම සදහා pensala.com එක මගින් Bookings ලබාගැනීම.
( නිවෙස්වලට ගොස් පන්ති පැවැත්විය හැකි ගුරුවරු සදහා උගන්වන විෂය හා අවරනය කල හැකි භූගෝලීය ප්‍රදේශ සහ අනෙකුත් විස්තර ඇතුලත් කර pensala.com හි Private Sessions වල list කිරීමයි. මෙහිදී සිසුන්ට පහසු වෙලාවක ගුරුවරයා වෙන්කරගැනීමේ පහසුකම ලැබේ. )