top of page

සිහල අකුරු පන්තිය ( Group 03)

  • 3 Steps

About

ආදරණීය දෙමාපියනි, අක්ෂර එසේත් නැත්නම් අකුරු යනු කුඩා සිතක විශ්වය හැදෙනා මූලික ම මූලිකාංගයකි. දරුවෙකුගේ අධ්‍යාපන ගමනේ පළමු පියවර වනුයේ අක්ෂර පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම වේ. ඒ නිසා ම නිවැරදි ව කියවීම, ලිවීම සහ හුදෙක් අකුරක හැඩය ගැන සරල අවබෝධයක් ලබා දීම අතිශයින් ම වැදගත් වේ. ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන ඔබගේ දුව පුතාට මව්බස විෂයට අදාළ ව ප්‍රගුණ කළ යුතු නිපුණතා සාර්ථක ව සිදු කිරීම උදෙසා සිංහල භාෂාව පිළිබඳ ව නිවැරදි අවබෝධයක් පැවතීම අත්‍යවශ්‍ය බව කිව යුතු ය. මෙහි දී අක්ෂර නිවැරදි ව හඳුනා ගැනීම සහ නිවැරදි ව ලිවීම ප්‍රධාන වශයෙන් ම දරුවාගේ අධ්‍යාපනයේ සාර්ථකත්වයට සෘජුව ම බලපානු ලැබේ. පන්ති කාමරය තුළ සිදු කරන අධ්‍යාපනය තවදුරටත් සාර්ථක වීම උදෙසා මෙවැනි සිංහල අකුරු පන්තිය නමින් pensala.com අධ්‍යාපන ආයතනය හා එක්ව සැලසුම් කර අපි ඔබ අතට පත් කරන්නෙමු. මෙම සිංහල අකුරු පන්තිය සැලසුම් කර ඇත්තේ, ඔබේ දුව පුතාට සරල ව විනෝදයෙන් නිවැරදි ව සිංහල අකුරු ඉගෙන ගැනීමේ හැකියාවක් ලබාදීම උදෙසා ය. පාඨමාලා හැඩයට ගෙන ආ මෙම පන්තිය තුළින් ‍ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබනා දරුවන්ට පහසුවෙන් හා පැහැදිලි ව උචාරණය කළ හැකි ශබ්ද සහිත අක්ෂර පළමුවෙන් හඳුන්වා දී ක්‍රමවත් ආකාරයකින් අකුරෙන් අකුරට දරුවන්ගේ ඉගෙනුම පිළිබඳව ආකර්ෂණය ගොඩනගයි. අකුරු කියවන්නට ලියන්නට අකුරට ආදරය කරන්නට දරුවන්ට උදව් විය හැකි නව්‍යතාවයකින් මුල පිරීමට මෙම පාඨමාලාව මඟින් හැකියාව ඇතැයි අපි විශ්වාසය තබමු. දේශක - ඉරේෂා දිල්රුක්ෂි B.A. ( Hons ) In Philosophy and Psychology ( Frost - class - USJ Dip. In Psychology and Counselling ( MHF ) | Dip. In English Langue ( British way English Academy

Overview

Instructors

Price

රු. 5,000.00

Share

අමතන්න

0777 39 50 49 

විද්යුත් තැපෑල

අපිව අනුගමනය කරන්න

  • Facebook
  • Twitter
  • YouTube
  • LinkedIn
bottom of page